ආයුබෝවන්.. සුභ උදෑසනක්..

මුලින්ම 06 වන වරටත් අග්‍රාමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් රනිල් වික්‍රමසිංහ මහතාට සුභ පැතුම් එක් කරන්න ඕනි.

හැමෝම මග හැරපු වෙලාවක සහ අමාරුම මොහොතක වගකීම අතට ගත්තට පක්ෂ පාට නැතුව අපි ඒ ගෞරවය කරන්නම ඕනි.

ඒ වගේම ගිය අවුරුදු පහේ වගේ පිස්සු නටන එකක් නැහැ කියල දැඩිව විශ්වාස කරනව. මොකද දැන් එහෙම කරන්න පුළුවන් වෙලාවක් නෙමෙයි.

මහබැංකුවත් ආරක්ෂා කරයි කියල අපි හිතනව.

ගතවන හැම තත්පරයකම අපේ මිනිස්සුන්ගෙ කරදර වැඩි වෙනව.

බැලූ බැල්මට ඝෝඨා – රනිල් කියන්නෙ හොඳ සුසංයෝගයක්. මං මේ ගුණ වයනව නෙමෙයි. දේශපාලනිකව ගතහොත් රනිල් කියන්නෙ පරිණතම සහ විදෙස් සබඳතා වැඩිපුරම තියෙන දේශපාලකයෙක්.

ඇත්තටම රට ගොඩනගන්න කාලයක් යයි. ඒකට අපි හැමෝගෙම සහයෝගයත් ලබාදෙමු.

ඒ වගේම අරගලයත් කරමු.

මං එහෙම කිව්වෙ, අරගලයේ තියෙන ඉල්ලීම් ඉතාම සාධාරණයි. ඒ ඉල්ලීම් දිනා ගැනීම රට ගොඩනගන ගමන්ම කරන්න වෙනව.

හොරකම් කල මුදල් රටට ලැබෙනව කියන්නෙ අපිට ගොඩයන්න යන කාලය අඩු කරගන්න පුළුවන්.

මහජන මුදල් කොල්ලකාපු හැමෝටම නීති මාර්ගයෙන් දඬුවම් ලැබෙන්නම ඕනි. අරගලයේ ප්‍රධානම ඉල්ලීමක් ඒක.

හැබැයි ඉතින් දැන් තියෙන දේශපාලන තත්වයෙන් මේක කරයිද කියන එක ගැටළුවක්. නමුත් අපි කෙටි කාලයක් දීල බලමු.

මොකද ඇත්තටම රනිල්ව විශ්වාස කරන් ඉන්න පිරිසකුත් රටේ ඉන්නව. ඔවුන් කියන්නෙ අනිවාර්යයෙන්ම රනිල් රට හදයි කියල.

කවුරු හරි කමක් නෑ රට හැදෙන්න ඕනි. මිනිස්සු දුක් වින්ද හොඳටම ඇති… දැන් නැගිටින්නම ඕනි.

දේශපාලකයො කරයි කියල බලන් ඉඳල බෑ… අපි කරවන්න ඕනි…

රටේ තියෙන දැවැන්තම ප්‍රශ්නෙ ඩොලර්.. අපේ තරුණයින්ට දැන් කරන්න තියෙන හොඳම දේ රටට ඩොලර් එන විදිහෙ ව්‍යාපාර පටන් ගන්න එක.

එකට රජයෙනුත් අනිවාර්යයෙන්ම සහයෝගයක් ලැබෙන්න ඕනි. තරුණයින්ට අවශ්‍ය දැනුම වගේම පේපෑල් වගේ ඩොලර් ගෙන්නගන්න අපහසු වෙලා තියෙන අංශ වල බාධා ඉවත් කරන්න ඕනි.

එතකොට අනිවාර්යයෙන්ම අපේ කොල්ලො කෙල්ලො ටික රටට ලොකු ඩොලර් ප්‍රමාණයක් ගෙනල්ල දෙයි.

ගමේ පොඩි Product එකක් උනත් ජාත්‍යන්තර වෙළඳපොළට දාන්න පුළුවන් විදිහට විදිමත් සැලසුමක් හදල දෙන්න ඕනි.

එතකොට ගමේ තරුණ ළමයි අපේ නිශ්පාදන ජාත්‍යන්තර වෙළඳපොළට දායි.

අපනයනය ලොකු ලොකු ආයතන වලිනුත් මේ තරුණයින්ට වෙළඳපොළ හදල දෙන්න උදව් කරන්න ඕනි.

ඩොලර් ගැටළුව විසඳෙනව කියන්නෙ රටේ ප්‍රශ්න ටික ටික අඩුවෙලා යනව කියන එකයි.

මං මේ එක වචනයක් වත් දේශපාලනිකව කතා කලේ නෑ..

මගේ.. මගේ ළමයි.. ළමයින්ගෙ ළමයි.. ඉපදෙන මැරෙන රට මේක…

හොරකම් කරපු සල්ලි ගන්න අරගලයේ තරුණයෝ මහන්සි වෙනව. අපිටත් පුළුවන් විදිහට ඒ අයට සහයෝගයක් දෙන ගමන් රට හදන්නත් උදව් කරමු.

එහෙම නැති උනොත් අපිට ලැබෙන හොරුන්ගෙ සල්ලියකුත් නෑ.. රටේ දියුණුවකුත් නෑ…

මේ වැඩේට තරුණයින්ම නායකත්වය ගන්නව නම් හොඳයි.

ඒ වගේම සියළු මාධ්‍යත් මේ වැඩේට සහය දෙන්න ඕනි වගේම දේශපාලකයින්ට තවත් හොරකම් කරන්න නොදී අවධානයෙන් ඉන්න ඕනි. මාධ්‍යට එක කරන්න පුළුවන්.

මම ගැන නොසිතා අපි ගැන හිතමු..!!

JUST IN NEWS අපෙන් වෙන්න ඕනි ඕනම සහයෝගයක් ඕනම වෙලාවක තරුණ ඔබට තියෙනවා.

සුභ දවසක්.

නුවන් කුමාර,
අධ්‍යක්ෂ : ජස්ට් ඉන් නිව්ස්

සැකසුම – තෙනුල් සත්නිඳු
ප්‍රවෘත්ති අධ්‍යක්ෂ : ජස්ට් ඉන් නිව්ස්

Leave a Reply

Your email address will not be published.