වර්තමාන රජය බලයට පත්වීමත් සමඟ යහපාලන රජය විසින් ගෙන ආ බදු ක්‍රම සියල්ල ඉවත් කර බදු සහන ලබා දීම නිවැරදි තීරණයක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසයි.

ආදායම ගැන තැකීමක් නොකර රජය බලයට පත්වූ විගස අතිවිශාල බදු සහන ලබා දීමට ගත් තීරණය නිවැරදි තීරණයක්දැයි බී බී සී ප්‍රවෘත්ති සේවය සමඟ පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ඒ අමතා පවසා සිටියේය.

එය නිවැරදි තීරණයක් නොවන නමුත් එම අවස්ථාවේ දී දේශීය ව්‍යාපාර පිළිබඳ සිතා ගත් තීරණයක් බවද නාමල් රාජපක්ෂ කියාසිටී

ආර්ථික තීරණ ගැනීමට දේශපාලකයින්ට පුළුවන්කමක් නොමැති බව ද ඔහු මෙහිදී අවධාරණය කර තිබේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙත යාම සහ රුපියල පා කිරීම සම්බන්ධයෙන් කරන ලද විමසීමට ප්‍රතිචාර දක්වමිනුයි ඔහු මේ බව පවසා ඇත්තේ.

ඇතැම් නිලධාරීන් වැරදි උපදෙස් දී ඇතැයි පිළිගැනීමට සිදුවන බවත් නාමල් රාජපක්ෂ එහිදී කියා සිටියේය.

Leave a Reply

Your email address will not be published.