විධායක බලය නියෝජනය වන සර්ව පාක්ෂික ආණ්ඩුවකදී එම බලය අනාගත දේශපාලන බල ව්‍යාපෘතියක යෙදෙන එකක් නොවිය යුතු බවට සිය ස්ථාවරය බව ජනතා විමුක්ති පෙරමුණ අවධාරණය කරනවා.
පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා අද පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් කියා සිටියේ සැම දෙනාටම සාධාරණ අයිතිය ලැබෙන යම් කාලයකට පමණක් සීමාවිය යුතු පාලනයක් ලෙස සර්ව පාක්ෂික ආණ්ඩුව නිර්මාණය විය යුතු බවයි.