මහ බැංකුවේ ඉදිරි වසර 6 නව ධුර කාලය වෙනුවෙන් ශ්‍රී ලංකා මහ බැංකුවේ වත්මන් අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහගේ නම නිර්දේශ කර ඇත.
ඒ සඳහා මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ විසින් ආචාර්ය නන්දලාල් වීරසිංහගේ නම නව ධුර කාලය සඳහා ද නිර්දේශ කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ වෙත ඊයේ (29දා) දන්වා යවා තිබුණි.
2016 ජූනි මාසයේදී ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහ බැංකු අධිපතිවරයා වශයෙන් වැඩ භාරගැනීමෙන් පසු ආරම්භ වූ නව මහ බැංකු අධිපතිවරයකුගේ වසර 06ක නිල ධුර කාලය අද (30දා) අවසන් වීමට නියමිතව තිබුණි.
මෙම ධුර කාලය තුළ ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමිද ඇතුළුව මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන්, අජිත් නිවාඩ් කබ්රාල් සහ ආචාර්ය නන්දලාල් වීරසිංහ යන සිවුදෙනා මහ බැංකු අධිපති ධුරය වරින්වර හොබවා ඇත.