ශ්‍රී ලංකාවේ 08 වන විධායක ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම සදහා වන ඡන්ද විමසීම අද පාර්ලිමේන්තුවේදි පැවැත්වෙනවා.
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මහජන විරෝධය හමුවේ ඉල්ලා අස්වීම නිසා ඇතිවූ පුරප්පාඩුව වෙනුවෙන් අයෙකු තෝරා ගැනීම වෙනුවෙනුයි මෙම ඡන්ද විමසීම පැවැත්වෙන්නේ.
ඡන්ද විමසීම සදහා ඉදිරිපත් වන අපේක්ෂකයන් සංඛ්‍යාව 03 ක්.
වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා / පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා එම අපේක්ෂකයන් තුන් දෙනායි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ රහස් ඡන්දයක් මගිනුයි මින් එක් අපේක්ෂකයෙකු තෝරා ගැනෙන්නේ.
මේ අතර පාර්ලිමේන්තුව හා ඒ අවට අද දිනයේදි දැඩි ආරක්ෂාවක් යොදවා තිබෙනවා.
ත්‍රිවිධ හමුදා සාමාජිකයන් හා පොලිස් නිළධාරින් විශාල පිරිසක් ඒ ආසන්නයේ රාජකාරී සදහා යොදවා ඇති බවයි වාර්තා වන්නේ.