බණ්ඩාරගම, අටුලූගම 09 හැවිරිදි දැරියගේ මරණය සම්බන්ධ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්දූව මහතා සඳහන් කළේ පොලිස් කණ්ඩායම් 04 ක් යටතේ මෙතෙක් විමර්ශන ක්‍රියාත්මක කල බවයි.

මේ වනවිට සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 20 දෙනෙකුගෙන් පමණ ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා.

කෙසේ වෙතත් දැරියගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවන් පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරු අනාවරණය වී නැහැ.

දැරියගේ මෘත දේහය මේ වනවිට පානදුර රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද සිදු කිරීමට නියමිතයි.

පෙරේදා උදාසන සිට අතුරුදන්ව සිටි ෆාතිමා අයිෂා නම් මෙම 09 හැවිරිදි දැරියගේ සිරුර ඊයේ පස්වරුවේ ඇයගේ නිවස ආසන්න වගුරු බිමක තිබී සොයාගනු ලැබුවා.

04 වසරේ ඉගෙනුම ලැබූ දැරියක වන ඇය නිවසට අවශ්‍ය ආහාර ද්‍රව්‍යයක් මිලදී ගැනීම සඳහා ආසන්නයේ පිහිටි වෙළෙඳසැලකට යාමෙන් අනතුරුවයි පෙරේදා පෙරවරුවේ සිට අතුරුදන්ව සිටියේ.

#JustinNews

Leave a Reply

Your email address will not be published.