නව හැවිරිදි රූමත් දැරියක් අතුරුදන් බවට දැරියගේ දෙමව්පියන්ගෙන් පැමිණිලි ලැබී ඇතැයි බණ්ඩාරගම පොලීසිය සඳහන් කරයි.
මෙලෙස අතුරුදන්ව ඇත්තේ අටුලුගම ප්රදේශයේ විදුහලක 4 වන වසරේ ඉගෙනුම ලබන පාතිමා අයේෂා නැමැති දැරියයි.
දැරිය කුකුල් මස් ගෙන ඒම සඳහා නිවසේ සිට මීටර් දෙසිය පනහක් පමණ ඈතින් වූ වෙළද සැලකට අද (27) උදේ 10 ට පමණ ගිය අවස්ථාවේ සිට නිවසට පැමිණියේ නැතැයි පැමිණිල්ලේ සඳහන් වේ.
අතුරුදන් වූ දැරිය සිව් දෙනකුගෙන් යුත් පවුලේ තුන්වෙනි දරුවා බව පොලිසිය කියයි.
දැරිය පැයක් පමණ ගත වුවත් නිවසට නොපැමිණීම සම්බන්ධයෙන් දැරියගේ මව ඥාතිවරියකට ඒ බව පවසා දැරිය අවට නිවාස වල ද සොයා ඇති අතර නොමැතිවීම හේතුවෙන් පොලීසියට පැමිණිලි කළ බව බණ්ඩාරගම පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි කාන්තා පොලිස් පරීක්ෂක හේමමාලි මහත්මිය පැවසුවාය.