ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්රී අනුර කුමාර දිසානායක අතර හමුවක් ලබන අගහරුවාදා පැවැත්වීමට නියමිත බව වාර්තා වනවා. ඒ අනුව එදින පස්වරු 03 ට පමණ මෙම හමුව සිදුවීමට නියමිතයි.
ජනතා විමුක්ති පෙරමුණ විසින් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගෙන් කළ ඉල්ලීමකට අනුවයි දෙපාර්ශවය අතර මෙම හමුව සැලසුම් කර ඇත්තේ. සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සහ රට තුළ පවතින දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බව ද නෙත් නිවුස් වෙත වාර්තා වුණා.
මේ අතර ජනාධිපතිවරයා සහ සමගි ජනබලවේගයේ නියෝජිතයින් පිරිසක් අතර හමුවක් ද ඉකුත් සිකුරාදා ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා.