සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය යන දෙපාර්ශ්වය එකඟවන අයෙකු අග්‍රාමාත්‍ය ධුරය වෙනුවෙන් යෝජනා කරන ලෙස වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ කථානායක මහින්ද යාපා අබේවර්ධනට දැනුම් දී තිබිණි.
ඒ අනුව දිනේෂ් ගුණවර්ධනගේ නම ඒ සඳහා යෝජනා කෙරෙනු ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.
පාර්ලිමේන්තුවේ බහුතර බලය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සතුව පවතින නිසාත් රනිල් වික්‍රමසිංහ සමග එක්ව කටයුතු කළහැකි පුද්ගලයෙකු අග්‍රාමාත්‍ය තනතුරට පත්විය යුතු නිසාත් මෙම යෝජනාව ඉදිරිපත් කෙරෙනු ඇති බව සඳහන්.
දිනේෂ් ගුණවර්ධන, රනිල් වික්‍රමසිංහ සමග කොළඹ රාජකීය විද්‍යාලයේ එකට අධ්‍යාපනය ලැබූ පැරණිම මිතුරෙකු වේ.